ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 02 ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි.

ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33 යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169 ක් ලබා ගනිමින් තරගය ජය ගන්නා ලදි.

Related posts