19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පලඟ ශූරතාව එංගලන්තයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 152කින් පරාජය කිරීමත් සමඟ පලඟ ශූරතාව හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව  තිබෙනවා .

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා .

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ,ලකුණු 279ක් ලබාගත් අතර එම ඉනිම වෙනුවෙන් ඩැන් මොවුස්ලි ලකුණු 111ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා .

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 31ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 127ක් පමණයි.

Related posts