ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය උඩුගමසූරියට අමෙරිකාවෙන් විශේෂ තැනක්

ගෝමික උඩුගමසූරිය

හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ. අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බවයි මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසුවේ. තමන් නිපදවූ ඖෂධ බවට පත් විය හැකි සංයෝග කිහිපයක් ඉදිරියේදී සායනික තත්ත්වයට ගැනීමට නියමිත බවද මහාචාර්ය ගෝමික උඩුගමසූරිය වැඩිදුරටත් පවසයි.

Read More