ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?

mechanism is needed to prevent child abuse and crime

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී මියගොස් ඇති බවයි. පසුගියා දා මිය ගිය දැරිවියගේ මව මේ සම්බන්ධව පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට කෙරී ඇති පරීක්ෂණ පිළිබදව ඇයට සෑහීමකට පත්විය නොහැකි බවයි.…

Read More

අවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල්

ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය පවසයි. බන්ධනාගාර ලොකුම ප්‍රශ්නය ජනගහණය වැඩි වීම බවත්, ඊට මෙයද එක් හේතුවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ මේ වන විට සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන සැකකරුවෙකුට කොවිඩ් ප්‍රශ්නය නිසා ඇප ලබා දුන්නත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වනතුරු බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි බවය. කොරෝනා පාවිච්චි කර රටම පාලනය කරන්න ඇතමුන් සිතා ඇතමුන්…

Read More