ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු අද

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසි වාරය ඇමැතීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා ද පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා වේලාවෙන් අද පස්වරු 4.45 ට පමණ සමුළුව ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය…

Read More

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. එම සංවිධානය ඉල්ලා සිටින්නේ, එම නිර්දේශ මේ මස 22 වැනි දින ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසය. ඊයේ නිකුත් කළ වාර්තාවක, හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, නීතිඥයින්, වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ සුළු ජාතීන් පීඩාවන්ට පත් කර ඇති බවයි.

Read More