වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්

keheliya

රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය  විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  අංක තහඩු නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළ පමණක් නොව, තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩකඩම් තුළින්ද දෙපාර්තමේන්තුවට ආදායම් ඉපැයිය හැකි…

Read More