හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි

කොවිඞ් 19 වෛරසය ආසාදිතව අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ (14දා) සවස අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. කොවිඞ් වෛරසය ආසාදනය වීම නිසා ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා රෝගය උත්සන්න වීමත් සමග අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඉකුත් 07 වැනිදා ඇතුළත් කර තිබුණි. 1977 වසරේදී හපුතලේ ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඒ මහතා සංස්කෘතික කටයුතු, උසස් අධ්‍යාපන, දේශීය වෛද්‍ය ආදී කැබිනට් ඇමැතිධුර රැසක් දැරූ අතර 2004 වසරේ දී ශ‍්‍රී ලංකා…

Read More