පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ හැකි වශී කර්මය ඉන් පළමුවැන්නයි. දෙවැන්න යමෙකු හෝ යමක් තමන් වෙතට අද්දවා ගත හැකි ආකර්ශණ කර්මයයි. තුන්වැන්න මෝහන කර්මය ලෙස නම්කොට ඇති අතර එය යමෙකුගේ සිහි මුලා කරවීම වශයෙන් හඳුන් වනු ලැබේ. මනුෂ්‍යයන් සේම අමනුෂ්‍යයන්ද බන්ධනවලට ලක්කරන ස්ථම්භන කර්මය සිව්වැන්න ලෙස හැඳින්වෙන අතර යකුන් බැඳ වැඩ ගැනීම ද මීට අයත් වෙයි. මෙම අෂ්ඨ කර්මවලින් පස්වැන්න…
Read More