හාල් වෙනුවට නරකද මුංඇට,කවුපි,මඤ්ඤොක්කා කන එක

chamal-rajapaksha

හාල් වෙනුවට මුං ඇට, කවුපි, මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගැනීම සුදුසු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. රටේ ආහාර හිඟයක් ඇති වේ දැයි, පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගන් විමසා සිටියහ. ”හාල් හිඟයක් මන් හිතන්නේ දැනුත් තියෙනවා. කොච්චර කෑගැහුවත්. ඇයි ඉතින් හාල් නැතෙයි කියනවා. හාල් මිල ඉහළ යනවා කියන්නේ හාල් හිඟයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ඒක එහෙම වෙයි කියලා” තව ද රට තුළ හාල් හිඟ වුවද ගම්වල මඤ්ඤොක්කා මෙන්ම මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගද ඕනෑතම් තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

Read More

පුලතිසිපුර සහල් මෝල් වලට ආණ්ඩුවෙන් කඩා පනියි!

පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා අද (08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන් කරයි. මීට පෙර අරලිය සහල් මෝලෙන් සහල් කිලෝ ලක්ෂයක්  සතොසට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද අරලිය සහල් මෝලෙන් එම ප්‍රමාණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සතොසෙන් පැමිණි ලොරි රථ 20කට පමණක් සහල් ලබා දීමට…

Read More