පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්යමණ්ඩලවල සේවා 47කට අටත් සේවකයින් 750ක් පමණ දෙනා අද (22) දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මහ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂකයින් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන වෛද්‍යවරුන් හැර සෙසු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ බවත් එය ලැබුණේ මාස 3ක කාලයක් පමණක් බවත් ය. “සෞඛ්‍ය සේවයකින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි අවදානමක ඉන්නේ ජීවිත අවදානම නොතකා වැඩ කරන සෞඛ සේවකයින් ට සියලු දෙනාටම මෙම දීමනාව දෙනවා කිව්වා.වෛද්‍යවරුන් ට විතරක් නෙමෙයි…
Read More