pickat

පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්යමණ්ඩලවල සේවා 47කට අටත් සේවකයින් 750ක් පමණ දෙනා අද  (22) දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින්  මහ රෝහල ඉදිරිපිට  උද්ඝෝෂණයක නිරත වූහ.

එම උද්ඝෝෂකයින් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන  වෛද්‍යවරුන් හැර සෙසු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ බවත් එය ලැබුණේ මාස 3ක කාලයක් පමණක් බවත් ය.

“සෞඛ්‍ය සේවයකින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි අවදානමක ඉන්නේ ජීවිත අවදානම නොතකා වැඩ කරන සෞඛ සේවකයින් ට  සියලු දෙනාටම මෙම දීමනාව දෙනවා  කිව්වා.වෛද්‍යවරුන් ට විතරක් නෙමෙයි අපි සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙම දීමනාව ලබා දෙන්න තමයි ආණ්ඩුව තීරණය කරලා තිබුණේ. නමුත් දැන් වෛද්‍යවරුන් ට විතරක් එම දීමනාව ගෙවනවා. අපේ දීමනා කපා දමා තිබෙනවා. අද මහ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩල 47ක  සේවකයින් 750ක් පමණ මෙම විරෝධතාවට සහභාගි  වෙනවා.

අපි ඉල්ලන්නේ අපේ ජීවිත අවදානම නොතකා ගෙවල්වල දරුවන් බලන්න නොයා කොවිඩ් රෝගී තත්ත්වයන් පාළනය කිරීමට කැප වී වැඩ කරනවා. ඒකට අපට ලබා දුන් දීමනාව ලබා දෙන්න. එහෙම නොවුනොත් අපි ඉදිරි සතියේ නොදන්වා වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. අපේ ඉල්ලීම් 7ක් තිබෙනවා. මේවාට සාධාරණ විසදුම් ලැබුනේ නැත්නම් අනිවාර්යයෙන් ම වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා. එහෙම යන්න වුණොත් රෝගීන්ගේ ජීවිත පිළිබද වගකීම රජය භාර ගත යුතුයි.” යැයි විරෝධතාවට එක්වූ පොලොන්නරුව මහ රෝහලේ නිදහස් සෞඛ්‍ය සේවක වෘත්තිය සංගමයේ සභාපති සංජය තරිදු මහතා අවධාරණය කළේ ය.

රෝගී සත්කාරක සේවා වෙනුවෙන් වෛද්‍යවරුන් ට  සාමාන්‍ය වෛද්‍යවරයාට රුපියල් 40 000කුත් විශේෂඥ  වෛද්‍යවරයෙකුට රුපියල් 250 000කුත් ලබා දුන් බවත් අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා රුපියල් 18000ක් ඉල්ලා සිටි මොහොතේ ඒ වෙනුවට රුපියල් 7500ක් ලබා දුන් බවත් එය මාස 3ක් ගෙවා නවතා දමා තිබෙන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

pickat pickat

 

ඊෂා  මුදියන්සේ -පොලොන්නරුව

Similar Posts