පවතින ආපදා තත්ත්වය හමුවේ බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් අදාළ ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධවීමට දුරකථන සංඥා පහසුකම් නිසි පරිදි නොමැතිවීමෙන් පීඩාවිඳින දරු දැරියන් පිරිසක් පිළිබඳව කුරුණෑගල පිහිටි දුනුමාව, අලවතුවල, කිතුල්ගොල්ල හා බඹරගහකන්ද ගම්මාන වලින් වාර්තා විය. මේ හේතුවෙන් සමහර සිසුන් සිය නිවෙස් වල වහළට නැග එම සංඥා පහසුකම් සපයා ගැනීමට උත්සහ දරන බවද වාර්තා වේ. ඒ පිළිබඳ විශ්වවිද්‍යාල සිසුවෙක් පැවසුවේ, “මම මොරටුව කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ ඉන්නේ. අපිට ඇත්තටම සිග්නල් නැහැ ඔන්ලයින් හරහා සම්බන්ධවෙන්න, යාළුවන්ගෙන් නෝට්ස් අරගෙන තමයි ගෙදර…
Read More