digital world advantages

පවතින ආපදා තත්ත්වය හමුවේ බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් අදාළ ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධවීමට දුරකථන සංඥා පහසුකම් නිසි පරිදි නොමැතිවීමෙන් පීඩාවිඳින දරු දැරියන් පිරිසක් පිළිබඳව කුරුණෑගල පිහිටි දුනුමාව, අලවතුවල, කිතුල්ගොල්ල හා බඹරගහකන්ද ගම්මාන වලින්  වාර්තා විය.

මේ හේතුවෙන් සමහර සිසුන් සිය නිවෙස් වල වහළට නැග එම සංඥා පහසුකම් සපයා ගැනීමට උත්සහ දරන බවද වාර්තා වේ.

ඒ පිළිබඳ විශ්වවිද්‍යාල සිසුවෙක්  පැවසුවේ,

“මම මොරටුව කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ ඉන්නේ. අපිට ඇත්තටම සිග්නල් නැහැ ඔන්ලයින් හරහා සම්බන්ධවෙන්න, යාළුවන්ගෙන් නෝට්ස් අරගෙන තමයි ගෙදර සාමාන්‍යයෙන් බලන්නේ. ලොකු ගැටළුවකට පත්වෙලා මේ සිග්නල් අර්බුදය සම්බන්ධයෙන්. අපි ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඉක්මනින් මේකට විසඳුමක් දෙන්න කියලා,“ යනුවෙනි

එමෙන්ම ඇතැම් සිසු සිසුවියන් කිලෝ මීටර් ගණන් දුර ගෙවා දුරකථන සංඥා පහසුකම් ඇති ස්ථාන වෙත ගොස් අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ ගමනාගමන පහසුකම්ද ඉතා දුෂ්කර පසුබිමකය.

මේ අතර පාසල් සිසුවියක් පැවසුවේ,

“අන්තර්ජාල පහසුකම් ගන්න පහළට යනවා. කිලෝමීටර් 2ක් විතර පහළට පයින් යනවා. ගෙදර සහෝදරයෙක් හරි හිටියොත් ගිහිල්ලා දානවා. ඒත් පාර අයිනට වෙලා කරගන්නේ.“ බවය.

ඩිජිටල් ලොවක් ගැන කතාකරන කලක ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම බලධාරීන්ගේ යුතුකමක් නොවේ ද..?

Similar Posts