රටේ සම්පත් ජාත්‍යන්තර ණයවලට හිලව් කිරීමේ අවධානමක්

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලට හිලව්වක් ලෙස මෙරට ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමට ලෝක බැංකුව සහ ඇතැම් ප්‍රබල රටවල් ක්‍රියාත්මක වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සංවිධායක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ “ඩෙබ්ට් ෆෝ නේචර්” නමැති වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක කරන බවට මෙරට පරිසර බලධාරීන් ද ප්‍රකාශ නිකුත් කර ඇති බවයි. කෙසේවෙතත් එය මෙරටට හිතකර තත්ත්වයක් නොවන බවයි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දුන්නේ. ඉකුත් වසරේ අගෝස්තු මස 08 වනදා ලෝක බැංකුව සහ නේපාලය එවැනි අවබෝධතා ගිවිසුමකට එළඹුනු බව ද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා…

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද

loan

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත යි. සූම් තාක්ෂණය ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර යි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු යි.

Read More