දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට රජයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවියන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් අලෙවිකර ගැනීම සහ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුමැතිය හිමිවූ බව අද (10) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තදබදයෙන් තොරව ලොරි රථ ප්‍රවේශ කර ගැනීම සහ භාණ්ඩ මිලදී ගැනීම කඩිනම් කිරීම පිළිබඳව ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය දැනුවත් කළ බවද අමාත්‍යවරයා කීවේය. එලෙස මිල දී ගන්නා ලද එළවළු තොග දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ජංගම …
Read More