අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය ආරම්භ කළේ අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමිනි. නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ…
Read MoreTag: economy next
ආර්ථිකය ආරක්ෂා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ, පාට භේදවලින් තොරව ජනාධිපතිතුමා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි. මේ රටට අත්වුණ ඉරණමත් ඒ ඉරණම වෙනස් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳ ජාතික වශයෙන් පුළුල් සංවාදයක් ඇතිවිය යුතු වෙනවා. අපිට පුළුවන් මේ අර්බුදය විසඳීම…
Read More