මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි එකමුතුව ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක් රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව පැවැත්වූහ.සිය විරෝධයට අදාළ කරුණු සහිත සන්දේශයක් මොරගහකන්ද නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර් යාලයට භාර දීමට ද විරෝධතාකරුවෝ කටයුතු කළ හ. ඇළහැර ව්‍යාපාරය ගොවි සංවිධාන හතලිහකට අයත් ගොවීන් පන්සියයකට වැඩි පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර පැය…
Read MoreTag: elahera canal
ඇළහැර ප්‍රාදේශිය සභාපතිට විරෝධයක්!
ඇළ හර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස බකමූණ නගරයේ වත්මන් බස් නැවතුම්පළ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය පා බකමූණ නගරයේ වෙළඳ සංගමය හා බකමූණ සුරැකීමේ සංවිධානය එක්ව නගරය පුරා කලු කොඩි ඔසවා ඇළහැර ප්‍රාදේශීය සභාව වෙත විරෝධතා පාගමනකින් ගොස් සිය විරෝධය දැක්වීමට ඊයේ (23) දහවල් කටයුතු කළ හ. බකමූණ නගරයේ වෙළඳ ප්‍රජාව සිය වෙළද සැල් ඉදිරිපිට හා නගර මධ්‍යයේ කළු කොඩි එසවීමෙන් අනතුරුව විරෝධතා පා ගමනින් ප්‍රාදේශීය සභාව අසලට පැමිණ ඇළ හැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රුව රැගත් පඹයෙකු ගිනි තබා විනාශ කරමින් සිය විරෝධය පළ කළ හ.…
Read Moreළිඳක වැටි වන අලියෙකු මරුට!
ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින් අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන බවත් පිරිමි සතෙකු වන බවත් වනජීවී නිලධාරීහු පවසති.අලියාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද (19) ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් සිදු කෙරෙ. ඊෂා මුදියන්සේ පොලොන්නරුව
Read More