හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත. සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය. ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව තුළ ගම්පහ නගරයේ වෙසෙන යාචකයන්ට ආහාර පාන ලබාදීමට ගොස් සිටි නගර සභා සේවකයන් පිරිසක් කළ දැනුම් දීම මතය. නගරාධිපතිවරයා වහාම ගම්පහ ප්‍රාදේශිය ලේකම්තුමිය වන ලක්ෂිණි ගුණතිලක මහත්මිය ද කැටුව අදාල ස්ථානයට යන විටත් සිව් දින…
Read More