මීගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය පාර, බෙරුකැටිය, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් තම නිවසට කොරෝනා මර්ධන නිල නිල ඇඳුම් වලින් සැරසුණු හය දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට පැමිණිල්ල සිදුකළ කාන්තාව විසින්ම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. එමෙන්ම සොරකම් කර තිබූ මුදල් සහ රන් ආභරණ සියල්ල සහ සැකකාරිය සමග (23) දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සොරකම සිදුවූ…
Read MoreTag: gampaha police division areas list
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින් සිටියදී ඉටි බෑගයක ඔතා තිබෙන පාර්සලයක් බෝධිප්‍රාකාරය හා වලාකුළු බැම්ම අතර ගසක් අසල බිම තිබෙන බව දැක ඇති බවත් එම පාර්සලය ඉදලේ මිටෙන් පරීක්ෂාකර බැලීමේදී එම බෑගය තුළ මෙම ජීව අත්බෝම්බය ඔතා තිබු බව දැක…
Read Moreපිත්තල භාණ්ඩ සොරා ගෙන පොලිස් දැලේ
බොරලැස්ගමුව පොලිස් වසමේ මයුර මාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල උත්සව අලංකරණය සඳහා පිත්තල භාණ්ඩ ලබාදෙන ආයතනයක් බිඳුම් කර රුපියල් ලක්ෂ දහයකට වඩා දේපල හා පිත්තල භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොරකම් කර සඟවා තිබූ පිත්තල භාණ්ඩ රැසක් සමග ඊයේ (22) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. සැකකරු සොරාගත් පිත්තල භාණ්ඩ පරණ යකඩ හා බෝතල් පත්තර විකිණීමේ ආයතනයකට පිත්තල බරට රුපියල් 16,000/= වැනි අඩු මුදලකට විකුණා තිබියදී සොයා පොලිස් භාරයට ගත් බවත් පොලීසිය පැවසීය. ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරු 42වැනි වියේ පසුවන විවාහක අයෙක් බවත් තදින්ම මත්කුඩු පානයට හා අයිස් මත්ද්‍රව්‍ය…
Read Moreබිරිඳ ඝාතනය කර කොරෝනාවෙන් බිරිඳ මියගිය බවට ඒත්තු ගැන්වූ සැමියා පොලිසියට කොටුවෙයි….
බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී ඝාතනයට ලක්කර තම බිරිඳ කොවිඩ් 19 රෝගයෙන් මිය ගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි සමග අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවකි. මෙම යුවළට වයස අවුරුදු 13ක පුත්‍රයෙක් සහ වයස අවුරුදු 06ක දියණියක් සිටින බවත් පොලිසිය…
Read Moreගෙවල් බිඳුම් රැසක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට!
කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති කාලය තුළදී බොරලැස්ගමුව පොලිස් වසමේ පරණ කැස්බෑව පාර, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම් සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 ක කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙක් සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් සමග ඊයේ (21) වන දින උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 31,42,46 වැනි වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් තදින්ම හෙරොයින් පානය සඳහා…
Read More