කිරිපිටි/ ගෑස් / සිමෙන්ති මිල ඉහළ යයි.

gas milk powder

කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය කර තිබේ. කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට්…

Read More

ජනාධිපති දෙමළ ඩයස් පෝරාවට ආරාධනා කරයි!

gota

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බව“  ඔහු කියා සිටියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස්  19 වැනිදා හමුවූ අවස්ථාවේදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  76 සැසි වාරයට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති එම හමුවේදී  මහලේකම් ගුතරෙස් සමඟ පවසා පවසා ඇත්තේ “අතුරුදන් වූ පුද්ගලයන්…

Read More

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More