රාජ්‍ය සේවයේ බහුතරයට අලස සහ දූෂිත බව ගැන වගකීමක් හෝ වගවීමක් නොමැත

gov

වැටුපට ණය නැතිව රාජකාරී කරන්නේ 15% ක් පමණ බවත්, බහුතර රාජ්‍ය සේවකයන් අවතැන් පිරිසක් බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු පැවසුවේ, අලස සහ දූෂිත එම බහුතරයට වගකීමක් හෝ වගවීමක් නොමැති බවයි. වත්මන් අර්බුදයෙන් පෙන්වන්නේ දේශපාලන පරිවර්තනයට සමගාමීව රාජ්‍ය සේවය පරිවර්තනය නොවීමේ ප්‍රතිඵල බව ද සුරේන් රාඝවන් මහතා අවධාරණය කරයි. එමෙන්ම, ඔහු පැවසුවේ, සමාජ, සංස්කෘතික සහ ආර්ථික අභියෝග පිළිබඳ අවබෝධයක් තිබිය යුත්තේ, වසර පහකට වරක් පත්වන දේශපාලනඥයන්ට නොව, වසර 30 ක් රාජකාරී කරන රාජ්‍ය සේවකයන්ට බවයි. රාජ්‍ය සේවයේ කොන්ද කඩන ලද දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළහොත් ඉදිරියේදී…

Read More

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය

government information center

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අද (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය ලබන 13 වනදා පෙරවරු 10.00 සිට…

Read More