2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

“සෞභාග්‍යයේ දැක්ම” යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

“සෞභාග්‍යයේ දැක්ම” යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්ක කමිටු රැස්වීම 06 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ සදහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්න්තු මන්ත්‍රින් සහභාගි විය. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන…