ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්ක කමිටු රැස්වීම 06 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ සදහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්න්තු මන්ත්‍රින් සහභාගි විය.

එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කර එම දිස්ත්‍රික්ක දෙකහි විදුලිය නොමැති නිවාස 7000කට ආසන්න ප්‍රමාණය සදහා කඩිනමින් විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව පවසන ලදී.

Similar Posts