උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.

baby death

දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ  (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි. අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ඉහළ වැව අළුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිළිදියට තියුණු ආයුධයකින් ගෙළට කොටා මරාදමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැගී ගල්නෑව පොලිසියට ගොස්…

Read More

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම පදිංචි 62 හැවරදි දඩයක්කරුවෙකි. සැකකරු (24දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරික්ෂාකාරි ක්‍රියාවකින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය දෙකක් සිදුකිරීම(ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය) සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය. දිය බීමට පැමිණෙන වන සතුන්ට…

Read More

පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!

durgs

නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට  පොලිස්  සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට  අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් සිර මැදිර අසලට පැමිණ ඇත. ඇය විසින් සැමියාට අනුරාධපුර බන්ධනාගාරය තුළ අලවි කිරීමට  හෙරොයින් පාර්සලයක් ගෙන ඇත. ඉටිකොළ හා ටේප් වලින් සැකසූ කුඩා හෙරොයින් පාර්සලය සැකකරුගේ ගුද මාර්ගයේ රදවාගෙන බන්ධනාගාරයට රැගෙන යා හැකි ලෙස…

Read More