baby death

දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ  (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ඉහළ වැව අළුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිළිදියට තියුණු ආයුධයකින් ගෙළට කොටා මරාදමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැගී ගල්නෑව පොලිසියට ගොස් දියණිය මරාදැමු බව පවසා තිබේ.

සැකකාරියගේ සැමියා දුරකථනයට රීචාර්ජ් කාඩ් පතක් රැගෙන ඒමට වෙළදසැලකට ගිය අවස්ථාවේ ඇය බිලිදියගේ ගෙලට තියුණු ආයුධයෙන් පහරදි තිබෙනා බවත් අගල් තුනක පමණ කැපුම් තුවාලයක් ගෙලෙහි ඇති බව පොලිසිය පවසයි.ඝාතනය සිදුකළ ගුරුවරිය දරුවා ලැබිමෙන් පසුව දැඩි මානසික පීඩනයකට පත්වි සිටි කාන්තාවක බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණයවි තිබුණි.

සැමියා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා කිසිදු සහයෝගයක් නිවසේදි නොලැබෙන බවත් ඒ නිසා බිළිදිය මරාදැමූ බව ඇය පොලිසියට අනාවරණය කර තිබූ අතර සිද්ධිය සිදුකරනා අවස්ථාවේ සිය මව හා පියාත් කිසියම් කටයුත්තකට නිවසෙන් බැහැරව සිටි බව ඇය පොලිසියට පවසා තිබුණාය.බිළිදියගේ ගෙලට පොරවකින් පහරදුන් බවට ඇය පැවසුවත් පිහියක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනා බව පොලිසිය පවසයි.

දරුවා ලැබිමෙන් පසුව සිය ලේලිය මානසික ආතතියකට ලක්ව සිටි බවත් ඇයව මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීමට අද  (6දා) යොමු කළ බව ඝාතනයට ලක්වු බිළිදියගේ සීයා පැවසුවේය.සැකකාරිය විසින් බිළිදිය මරාදැමූවත් ඇය එවැනි සිදුවිමක් සිදුකළ බවක් මතකයේ නැති බව පොලිසියට පාපොච්චාරණය කර තිබුණාය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts