petroleum corporation in deep crisis without dollars in sri lanka
|

ඩොලර් නොමැතිව තෙල් සංස්ථාව දැඩි අර්බුදයක

ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42 ක මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ආරංචි මාර්ග සඳහන් කරයි. එම මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතත්, මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි බව ද වාර්තා වේ.