bomb

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි  ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින්…

nugegoda police

නිවාස බිඳ කොල්ලකෑම් සිදු කළ මත්ලොලීයා පොලිස් අත්අඩංගුවට…

මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයෙකුගේ හා ගුවන් නියමුවකුගේ මෙන්ම මාලදිවයින් ජාතික පුද්ගලයෙකුට අයත් නිවාසයන් රාත්‍රී කාලයේදී  බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්…

හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.
|

හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.

මත්කුඩු පානය සඳහා තමන් සන්තකයේ මුදල් නොමැති කමින් අළුයම් කාලයේ නිවාස බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කල සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් (26) වන දින උදෑසන අත්අඩංගුවට ගත්…

piththala

පිත්තල භාණ්ඩ සොරා ගෙන පොලිස් දැලේ

බොරලැස්ගමුව පොලිස් වසමේ මයුර මාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල උත්සව අලංකරණය සඳහා පිත්තල භාණ්ඩ  ලබාදෙන ආයතනයක් බිඳුම් කර රුපියල් ලක්ෂ දහයකට වඩා දේපල හා පිත්තල භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොරකම් කර සඟවා තිබූ පිත්තල භාණ්ඩ රැසක් සමග ඊයේ  (22) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. සැකකරු සොරාගත් පිත්තල භාණ්ඩ පරණ යකඩ හා බෝතල් පත්තර…