අහිතකර චීන පොහොර නෞකාව දෙවුන්දර ආසන්නයේ

chinapohora

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම නෞකාවේ ‌පර්යේෂණවලින් අසමත් වූ ‌පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව පැවසේ.

Read More

දැන් පොහොර ගැන විතරයි කථා, වල් මර්දනය ගැන නැහැ – ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය

portest

නිසි කලට වේලාවට පොහොර ලබා දෙන ලෙසත් චීන කසල මෙරට රන් පොළවට නොදමන ලෙසත් බල කරමින් පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (19) පෙරවරුවේ පොලොන්නරුවේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35කට  ගොවීන් 2000ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ. පොලොන්නරුව මහ රෝහල හන්දියේ සිට පොලොන්නරුව දීප උයන දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි ගොවීන් එම ස්ථානයේ දී පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර් ගය අවහිර කරමින් පාරේ වාඩි වී පැය දෙකකට වැඩි වේලාවක් විරොධතා සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කළ හ. මෙහි දී පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ…

Read More

ගොවියාගේ මළගම !

galenbidunuwewa

ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක්  නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා සියලු විදී ඔස්සේ ගමන් කළේ තමන්ට නිසි වෙලා පොහොර ලබා දෙන ලෙස ලබා දෙන ලෙස රජයට බල කරමින්ය. කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ විරෝධතාකරුවන් ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගොස් ආයතනය ඉදිරියේ විරොදතාවය පැවත්වූහ.ඒ අවස්ථාව ගලෙන්බිදුණුවැව…

Read More

පොහොර නැතිව ගොවීන් විරෝධතාවයේ!

protest

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් පරාක්‍රම සමුද්‍රය ගම්මානයේ ගොවීන් පිරිසක් ඊයේ (12) දහවල් පොහොර අර්බුදයට විසදුම් ඉල්ලා වැව් බැම්ම මත විරෝධතාවක නිරත වූහ. පොහොර නැතුව වතුර එපා.දියව් දියව් අපට දියව් පොහොර ටික අපට දියව් ආදී සටන් පාඨ කියමින් හා පුවරුවල ප්‍රදර් ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූහ. මාස් කන්නයේ වී ගොවිතැන සහමුලින්ම පොහොර නොමැතිකම හේතුවෙන් විනාශ වී යාමට ඉඩ ඇති බැවින් කන්නය ආරම්භ කිරීමට නොහැකිව සිටින්නේ පොහොර නොමැතිකම නිසා බව ද ඔවුහු පවසති.වහාම පොහොර ගැටලුව විසදා දෙන ලෙස ද ඔවුහු බල කර සිටිය හ. ඊෂා  මුදියන්සේ -පොලොන්නරුව

Read More