නිවාස බිඳ කොල්ලකෑම් සිදු කළ මත්ලොලීයා පොලිස් අත්අඩංගුවට…

nugegoda police

මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයෙකුගේ හා ගුවන් නියමුවකුගේ මෙන්ම මාලදිවයින් ජාතික පුද්ගලයෙකුට අයත් නිවාසයන් රාත්‍රී කාලයේදී  බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇත. කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් වසම ආවරණය වන පරිදි මාදිවල ප්‍රදේශයේ  රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී සිගේරා පාර, මාදිවෙල සමනල හෝටලය අසලදී සැකකටයුතු අන්දමින් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද…

Read More

හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.

මත්කුඩු පානය සඳහා තමන් සන්තකයේ මුදල් නොමැති කමින් අළුයම් කාලයේ නිවාස බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කල සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් (26) වන දින උදෑසන අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු (70) වන අංක 265, රාජගිරිය පාර, රාජගිරිය ලිපිනයේ පදිංචිව සිටි සිරිමා ගොපල්ලව නැමැති අවිවාහක වයෝවෘද්ධ  කාන්තාවකි. මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති බවත් ඇයගේ සහෝදර…

Read More