ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත්, විදේශ විශ්වවිද්‍යාලවලට යන සිසුන් සඳහා ඩොලර් බිලියන 3ක් වියදම් කෙරෙන නමුත් මෙරට විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බඳවා ගැනීම මඟින් ඩොලර් බිලියන 10ක් රටට ලබාගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙතෙක් පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බවත් ගෝලීය අවශ්‍යතාවය අනුව භෞතික විශ්වවිද්‍යාල පමණක් නොව සයිබර් තාක්ෂණය සඳහා ද අවශ්‍ය විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අය වැය කාරක සභා අවස්ථාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ…
Read MoreTag: sinhala lanka news web
බාල ග්ලුකෝමීටර් ගේන්න අත්සන් නොකළ නිලධාරිනියට මාරුවක්
රුපියල් කෝටි 38ක් ගෙවා ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් මිල දී ගැනීමේ ටෙන්ඩරයක ලියකියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක වෙනත් අංශයකට මාරුකර ඇතැයි වාර්තාවේ. නියමිත ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව සහ ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් ඉන්දියානු සමාගමකින් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිමුඩියේ කටයුතු කරන අතර අදාළ නිලධාරිනිය එම ලියකියවිලිවලට අත්සන්කර අනුමැතිය නොදීම නිසා වෙනත් අංශයකට මාරුකර ඇතැයි ද ඒ වෙනුවට වෙනත් නිලධාරියකු අනුයක්ත කර අවශ්‍ය ලේඛන අත්සන් කර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ. සෞඛ්‍ය අංශයට අයත් ඉහළ නිලධාරීන් තිදෙනෙකු එක්ව මෙම දූෂිත ටෙන්ඩරය…
Read More