මන්ත්‍රී පොකුරක් අතලඟ

parli

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාටයි. තමාට හදිසියේ උණ ගැනීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වූ බවයි සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේ. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට යොමු වන්නයි මන්ත්‍රීවරයා තමා සමග පසුගිය දිනවල සමීප වූ සියලු දෙනාගෙන් ඉල්ලීමක්ද සිදු කරනවා.

Read More

අඩුවෙන්ම පාර්ලිමේන්තුවට දායකත්වය දීලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය?

manthri

නම වැනි  පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ අඩුම දායකත්වයක් ලබා දී තිබෙන ජනතා නියෝජිතයන් දස දෙනාගෙන් හරි අඩක්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ බව හෙළි වී තිබේ. 2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් ලා දී තිබෙන  ජනතා නියෝජිතයන් 10  දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත. එම දසදෙනා  දෙනා අතුරින් පස්   දෙනෙක් පාර්ලිමේතුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතා නියෝජිතයෝ බව වෙරිටේ පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන manthri.lk පවසයි. මන්ත්‍රීවරුන් දෙදෙනෙක්   පාර්ලිමේතුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයන්ය. අනෙක් තිදෙනා මුස්ලිම්…

Read More

ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

jayantha

ජයන්ත කැටගොඩ  මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා  ජයන්ත කැටගොඩ  මහතා පත් කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට  ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධූරයක  දිවුරුම් දීම වෙනුවෙන්  ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පසුගිය පූලි මාසයේදී ඉල්ලා අස් විය. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි…

Read More