පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!

death

පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසයි. සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු අලි මරණ සංඛ්‍යාව 48ක් වුවත් මෙම වසරේ සැප්තැම්බර් 27 වන දා වන විට අලි මරණ 54ක් වාර්තා වීම කණගාඩුවට කරුණක් බවයි.ඉකුත් වසරේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ගණන 19කි කෙසේ වෙතත් වැඩි…

Read More

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි

eliphent

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව සදහන් කළේ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමිනි. පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සිටි අලි ඇතුන් 49 දෙනෙකු පිළිබදව පසුගිය රජය අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුනි. අලි ලියාපදිංචිය…

Read More

ළිඳක වැටි වන අලියෙකු මරුට!

eliphent

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන බවත් පිරිමි සතෙකු වන බවත් වනජීවී නිලධාරීහු පවසති.අලියාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද  (19) ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් සිදු කෙරෙ. ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Read More