කෝටි 04 ක කේරළ ගංජා STF දැලේ !

කිරිබත්ගොඩ නගරයේදී රුපියල් කෝටි 04 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස්  විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය, වරාගොඩ පදිංචි 55 හැවිරිදි අයෙක්, මට්ටක්කුලිය පදිංචි 28 හැවිරිදි අයෙක් හා කොළඹ 07 පදිංචි 44 හැවිරිදි අයෙකි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පො.ප. එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10 ) දින කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ නගරයේ මාර්ග සංඥාව අසල දී සහ කැළණිය පොලිස් වසමේ උස්වත්ත, පහළ පාර, ගෝණවල ලිපිනයේ දී සහ කඩුවෙල…

Read More