කිරිබත්ගොඩ නගරයේදී රුපියල් කෝටි 04 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස්  විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය, වරාගොඩ පදිංචි 55 හැවිරිදි අයෙක්, මට්ටක්කුලිය පදිංචි 28 හැවිරිදි අයෙක් හා කොළඹ 07 පදිංචි 44 හැවිරිදි අයෙකි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පො.ප. එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10 ) දින කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ නගරයේ මාර්ග සංඥාව අසල දී සහ කැළණිය පොලිස් වසමේ උස්වත්ත, පහළ පාර, ගෝණවල ලිපිනයේ දී සහ කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල, යක්කල හන්දිය ප්‍රදේශයේ දී වැටලීම් සිදු කර ඇත.

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 261 ග්‍රෑම් 830 ක් සමඟ කේරළ ගංජා අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ දහයක මුදලක් හා කැබ් රථයක් සහ මෝටර් රථයක් සමගින් සැකකරුවන් තිදෙනො අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ප්‍රවාහනය කරන ලද්දක් බවට මේ වන විට හෙළි වී ඇත.

විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂ යටතේ ප්‍රධාන කදවුර භාර නිලධාරි තුමා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් සහ ස.පො.අ. එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මෙහෙය වීමෙන් මෙම වැටලීම් සිදු කර ඇත.

ශානිකා

 

Similar Posts