ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු අද

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසි වාරය ඇමැතීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා ද පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා වේලාවෙන් අද පස්වරු 4.45 ට පමණ සමුළුව ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය…

Read More

ජිනීවා සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

jiniwa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමි‍ටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්‍රයත්නයක් බව රටවල් බොහෝ ගණනක් පෙන්වා දී තිබෙනවා. එසේ කල ඉල්ලීම් පිළිනොගෙන ජිනීවා මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය තීරණය කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා. කෙසේ වෙතත්…

Read More