නාය යාමේ අවදානමක්

nayayam

බස්නාහිර, සබරගමුව, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Read More

පළාත් දෙකකට රතු නිවේදන

weather today at my location

ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ එනම් උතුරු මැද සහ වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු වලින් ජනතාව ආරක්ෂා වියයුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම්…

Read More