COVID-19 සම්භවය අධ්‍යයනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධාන සැලැස්ම, චීනය ප්‍රතික්ෂේප කරයි

china

කොරොනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දෙවන අදියර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සැලැස්මක් චීනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වන්නේ චීන රසායනාගාර නිසි ක්‍රමවේද (ප්‍රොටෝකෝල) උල්ලංඝනය කිරීම නිසා පර්යේෂණ අතරතුරදී වෛරසය කාන්දු වීමට හේතු වී ඇතැයි යන උපකල්පනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්ම තුළ ලැයිස්තුගත කර තිබීමයි. වසංගතය වුහාන්හි ආරම්භ වූ බවට වන චෝදනාව මග හැරීමට චීනය නිතරම උත්සාහ කර ඇත. පෞද්ගලිකත්වය නිසා සමහර දත්ත සම්පුර්ණයෙන්ම බෙදාගත නොහැකි බව මෙහි දී චීනයේ ස්ථාවරය වී තිබේ.  එරට අවධාරණය කර ඇත්තේ “ COVID-19 වෛරසයේ මූලාරම්භය විද්‍යාත්මක කාරණයක් ලෙස සැබවින්ම සලකනු…

Read More