ඉවතලන දෑ වලට යළි පණදෙන කේ.එම්. ප්‍රේමදාස

dailyreporter

ඉවත දමන පොල්කටු, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් යොදාගෙන විචිත්‍රවත් භාණ්ඩ නිර්මාණය කරන දිරිය මිනිසෙකු පිළිබඳව තොරතුරු බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රබුක්පොත ප්‍රදේශයෙන් වාර්තාවේ. මොහු 55 හැවිරිදි කේ.එම්. ප්‍රේමදාස වන අතර ඔහුගේ ලිපිනය R-22, රබුක්පොත, 2 කණුව, බදුල්ල වේ.

මොහු විසින් පොල්කටු උපයෝගි කර ගනිමින් මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නිපදවා ඇති අතර එයට අමතරව ගස්වල අතු රිකිලි, ප්ලාස්ටික් බෝතල්, ගස්වල ගෙඩි, කාර්ඩ් බෝර්ඩ් ආදියද තම නිර්මාණයන් සඳහා එකතු කරගෙන තිබීමද විශේෂත්වයකි.

මේ අපූරු මිනිසා මෙසේ පවසනලදි.

“මම පාසල් ගියේ උඩවෙල මධ්‍ය මහ විද්‍යාලයට නවය පංතිය දක්වා ඉගෙනුම ලැබුවා. ඒ කාලයේ අපේ පාසලේ හිටියා දඹගොල්ල විමලඥාන කියලා හාමුදුරුවෝ නමක්, උන්වහන්සේ තමයි මට මේ කලාව කියලා දුන්නේ, එහිදී උන්වහන්සේගෙන් පැරණි පුස්කොල පොතක තිබිලා පොල්කටු මෙලෙක් කරන්න පුළුවන් ඖෂධයක් හදන හැටි මම ඉගෙන ගත්තා. ඒ ඖෂධය පොල් කට්ටට ගෑවාම ඒක හරියට අර තැම්බුණු මඤ්ඤොක්කා අලයක් වගේ වෙනවා. එතකොට අපිට ඕනි විදහට හැඩය හදා ගන්න කැටයම් කපන්න පුළුවන්. ඒත් දැන් ඒ ඖෂධය හදාගන්න විදිහක් නෑ. ඒකට අවශ්‍ය බෙහෙත් කැලෑවෙන් තමයි හොයා ගන්න තියෙන්නේ. දැන් විවිධ වගාවන් සඳහා කැලෑ එළි කරලා නිසා නොදන්නා කමින් ඒ වගේ වටිනා ඖෂධ විනාශ වෙලා තියෙන්නේ.

මම පොල්කටුවලට අමතරව පොල් හනසු, ගස්වල අතු රිකිලි, ගෙඩි, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් ආදිය මගේ මේ නිෂ්පාදන සඳහා යොදාගන්නවා. ඒවායේ කැටයම් සියල්ලම අදටත් මම කපන්නට යොදාගන්නේ නියන් පමණයි.“ පැවසු ඔහු එලෙස නිර්මාණය කරන ලද විවිධ උපකරන රැසක් අපහට පෙන්වීමට අමතක නොකළේය.

“මට තියෙන විශාලම ගැටලුවක් තමයි මේ නිර්මාණයන් දෙස් විදෙස් සංචාරකයින් හට අලෙවි කිරීමට අවශ්‍ය වෙළෙඳපොළක් නොමැති වීම දැනට මම දන්නා හඳුනන අය ඒ අයගේ පාසල්, පන්සල්, ලදරු පාසල්වල වගේ තැන්වලට අවශ්‍ය විවිධ උපකරණ මට කියලා හදාගන්නවා අහල පහළ දන්න අයත් නිවෙසට ඇවිත් මම හදලා තියෙන දේවල් මිලදී ගන්නවා.

ඒ නිසා මම රජයෙන් ඉල්ලීමක් කරන්නේ මට මේ හස්ත කර්මාන්තය තව කාලයක් කරගෙන යන්න පුළුවන් මගෙන් පස්සේ මගේ ගැහැනු දරුවෙකු මේක කරගෙන යයි. ඒ සඳහා අවශ්‍ය සාත්තරය අකුරක් නැර මම එයාට කියලා දෙනවා. ඒ නිසා බදුල්ල නගරයේ හෝ ඇල්ල සංචාරක කලාපය තුළ හරි මගේ මේ නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙස තමයි මම ඊට වගකිව යුතු අංශ සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.“ යැයි පැවසීය.

බදුල්ල – කේ.එම්. ප්‍රේමදාස

බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….