Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි.

ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඔවුන් පළා යන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යයි කියමිනි. එහෙත්, බොහෝ විට, ඔවුන්ට සංක්‍රමණය වී ළමයින් වැඩි වියට පැමිණෙන තෙක්ම ඔවුන්ට ලංකාවේ තිබුණු ජීවිතය තරම් යහපත් ජීවිතයක් ලබාදීමට හැකි වන්නේ නැත. ළමයින් බොහෝ දෙනෙකුට සිදු වූ ක්ෂණික විපර්යාසය දරාගැනීමට ද හැකියාවක් නැත.

මෙසේ නොවුණ අය ද සිටිති. එහෙත් අල්පය. මා මේ ප්‍රජාවන් නිරීක්ෂණය කරන ප්‍රධාන ආකාරයක් වන්නේ ඔවුන් ලංකාවේ සිටියදී දක්නට ලැබුණු ට්‍රිප් යාමේ මානසිකත්වයයි. ලංකාවේ සිටියදී අවුරුද්ද පුරා විවිධ තැන්වලට යමින්, හෝටල්වලින් කමින් බොමින් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරමින් සිටි බොහෝ අයට බටහිර රටක ඇපල් වත්තක්වත් බලන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකින් බව නිරීක්ෂණය කළ හැකිය. සමස්තයක් ලෙස, ඔවුන් අවස්ථා ඡායාරූප නොමැති ප්‍රජාවක් බවට හිටිහැටියේ පරිවර්තනය වෙති.

කෙසේ වෙතත්, මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි.

මෙම ඉංග්‍රීසි වචන හතරෙහි අර්ථ එකිනෙකින් වෙනස් ය. මෙම වෙනස උදාහරණ ඔස්සේ මෙසේ පැහැදිලි කළ හැකිය.

Safety යනු ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දුම් හඳුනාගැනීමේ සහ ගිනි නිවන උපකරණ තිබීම වැනි තත්වයකි. හානියෙන් හෝ අවදානමෙන් නිදහස් වීමේ තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරයි. එය අනතුරක් සිදුවීමට ඉඩ නොදෙන තත්වයන් නිර්මාණය කිරීමයි.
Security යනු නිවසකට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා ශක්තිමත් දොර සහ අගුල් තිබීම වැනි තත්වයකි. එය භෞතික ආරක්ෂාව පමණක් නොව සොරකම්, සයිබර් ප්‍රහාර, හෝ තොරතුරු නැතිවීම වැනි දේවලින් ආරක්ෂාව ද ඇතුළත් වේ. වැළැක්වීම, හඳුනාගැනීම, ප්‍රතිචාරය සහ ප්‍රතිසාධනය ඇතුළු බහු-ස්ථර ප්‍රවේශයක් ඇතුළත් වේ.
Defense යනු දැනටමත් නිවසට කඩා වැදී ඇති සොරෙකු සමඟ සටන් කිරීම වැනි තත්වයකි. එය දැනටමත් පවතින හෝ ආසන්න තර්ජනයක් සක්‍රීයව පලවා හැරීම අදහස් කරයි. ආරක්‍ෂාව බොහෝ විට මිලිටරි ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ වේ. එහෙත්, එය ඔබ අනතුරකට එරෙහිව සටන් කරන ඕනෑම අවස්ථාවකට අදාළ විය හැකිය.
Protection යනු අනතුරකින් තුවාල වීමෙන් ආරක්ෂා කිරීම සඳහා ඔබේ දරුවා වෙනුවෙන් විශේෂ මෝටර් රථ අසුනක් භාවිතා කිරීම වැනි තත්වයකි. බොහෝ දුරට, වලට සමාන වේ. චිත්තවේගීය හානියකින් යමෙකු හෝ යමක් ආරක්ෂා කිරීම ද අදහස් කළ හැකිය. බොහෝ විට යමක් හෝ කෙනෙකු අතර බාධකයක් නිර්මාණය කිරීම සහ ඇති විය හැකි තර්ජනයකින් ආරක්ෂා වීම ඇතුළත් වේ.

Guard, safeguard, safekeeping, shield, custody, assurance, shelter වැනි තවත් වචන රැසක් සම්බන්ධයෙන් සිංහලෙන් ආරක්ෂාව යෙදේ.

මෙම භාෂාව හා සම්බන්ධ සංකල්පීය ගැටලුව අපේ අනාරක්ෂිත හැඟීම්වලට එක් හේතුවක් විය හැකිය. ඒ සම්බන්ධයෙන් ඔබට තර්ක කළ හැකිය. එහෙත්, ආරක්ෂාව යනුවෙන් සිංහලෙන් යොදන යෙදුමෙහි අර්ථමය විවිධත්වය පිළිබඳ ඉගෙන ගැනීම ඊට වඩා ප්‍රයෝජනවත් විය හැකිය.

අජිත් පැරකුම් ජයසිංහ

praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….