තම රථ වාහනවලට ඩීසල් ලබා ගැනිම සදහා 07වන දිනද හැටන් නගරයේ රථ වාහන පෝළිමේ නවතා ඇති අයුරු දක්නට හැක.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ ඩීසල් ලබා ගැනිම සදහා තමන් දිගු කාලයක් මෙසේ පෝළිම්වල රැදි සිටින බවත්ය.

ඉන්දන හල්වලින් බුලිවලට ඩිසල් ලබා ගන්නා සමහර පිරිස් එසේ ලබා ගන්නා ඩිසල් අධික මිල ගනන්වලට විකිනිම සිදුකරන බවත් මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශය තුල ඩිසල් මාපියාවක් නිර්මාණයවි ඇති බවද ඔවුන් පවසති.

සමහර පිරිස් මෙසේ රැගෙන එනු ලබන බුලී සදහා ඩිසල් ලබා දිම දිම සිදු කිරිමත් සමග සමහර අවස්ථාවලදි ඩිසල් නිමවිමෙන් පොලිමේ රැදි සිටින තම රථ වාහනවලට ඩිසල් ලබා ගැනිමට නොහැකි වන බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts