ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීමට මහා සම්මතයක් අවශ්‍යයි – සුදර්ශන ගුණවර්ධන
පසුගිය සති අන්තයේ සිවිල් සමාජ සහ වෘත්තීය සමිති සංවිධානවලට අයත් නායක මට්ටමේ නියෝජිත පිරිසක් විසින් පවත්වන ලද සාකච්ඡාවක එක් සැසිවාරයකට සහභාගි වීමට මේ ලියුම්කරුට ආරාධනයක් ලැබිණි. රට තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ පෙනී සිටි මෙම බලවේගය ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන ලද්දේ නව ප්රජතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට…




