මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් රාජකාරි කටයුතු කරනා ආකාරය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව හා තර්ජනාත්මකව ලේකම්තුමා වරද්ද ගන්න එපා යනුවෙන් මිහින්තලා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීරයෙකු පැවසීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් තත්වයට පත්විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ…

කලාවැවේ වාන් දොරටු විවෘත වෙයි

කලාවැවේ වාන් දොරටු විවෘත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයට හා ජල පෝෂිත කළාප වලට අධික වැසි ලැබීම හේතුවෙන් වසරකට පමණ පසුව කැකිරාව කලාවැව ජලාශයේ වාන් දොරටු දෙකම අඩි දෙක බැගින් විවෘත කිරීමට ජලාශය බාර ඉංජිනේරුවන් ඊයේ (23දා) කටයුතු කර තිබේ. දින කිහිපයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ජල ධාරිතාව අධිකවීම නිසා වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කෙරුණි.වාන්…

උතුරු මැද ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යයි

උතුරු මැද ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යයි

අහිංසක ජනතාවගේ සංවර්ධන කටයුතු සිදුකර ඔවුන්ට හොඳ ආර්ථික ශක්තියක් ලබාදීම අප සියල්ලන්ගේම අරමුණයි.මම මේ කටයුතු ඉටුකිරීමට බලාපොරොත්තු සංවර්ධන කටයුතු නිසි ලෙස ඉටු කළ නොහැකි නිලධාරීන් සිටීනම් ඔවුන් ඉවත් කිරීමට මම කටයුතු කරනවා යැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්ම 2021 වර්ෂය සඳහා පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් …

පොලොන්නරුවට අධික වැසි – ආපදා තත්ත්වයට සුදානමක්

පොලොන්නරුවට අධික වැසි – ආපදා තත්ත්වයට සුදානමක්

අධික වැසි නිසා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත්වේ යැයි හඳුනාගෙන ඇති පවුල් 3400ක පමණ දළ වශයෙන් පුද්ගලයින් 12700ක වැනි ප්‍රමාණයකට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාළනය කරමින් සු‍රැකුම් මධ්‍යස්ථාන 89ක ‍රැදවීමට සූදානම්ව සිටින බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමි‍ටුව…

නගර සභාපති ඇතුළු පිරිසක් නිරෝධානයට

නගර සභාපති ඇතුළු පිරිසක් නිරෝධානයට

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග ඔහු සමග විවිධ උත්සව සදහා එක්වු හැටන් දික්ඔය නගර සභාපති  ඇතුළු එම නගර සභාවේ නාගරික මංත්‍රිවරුන් දෙදෙනකු හිටපු පලාත් සභා මංත්‍රිවරයකු හා ආගර පතන ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලචන්ද්‍රන් මහතා පවසන…

සේනා දළඹු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යයි
|

සේනා දළඹු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යයි

බඩඉරිඟු වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සඳහා හදුන්වා දුන් නව වෛරස් ප්‍රබේදය කඩිනමින් ගොවි ජනතාවට අතට පත් කරන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා  උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය. සේනා දළඹුවා මර්ධන කිරීමට නව වෛරසයක් හදුන්වා දුන් බව පැවසූවත් මෙතෙක් තමන්ට එම වෛරසය ලබා දී නැති බවත්…

ආදර්ශමත් පණිවිඩ රැසක් කියාදෙන නත්තල් නිර්මාණයක්

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල වෙනුවෙන් දිවයින පුරා දේවස්ථාන ඇතුළු නිවෙස් වල ගවලෙන් ඇතුළු විවිධ නිර්මාණ ඉදිවෙමින් තිබියදි මේ වසරට ඔබින හා ඉදිරි අනාගතයට ඔබින ආදර්ශමත් පණිවිඩ රැසක් කියාදෙන නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීමට මිහින්තලය ශාන්තා අන්තෝනි එකමුතුවේ තරුණ තරුණියන් කටයුතු කර තිබේ. මිහින්තලය කිතුණු දේවස්ථානය ඇතුළුව කහටගස්දිගිලිය හොරොව්පොතාන තිරප්පනය අශෝකපුර ඇතුළු ස්ථාන කිහිපයකම ආදර්ශමත්…