උතුරු මැද ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යයි

අහිංසක ජනතාවගේ සංවර්ධන කටයුතු සිදුකර ඔවුන්ට හොඳ ආර්ථික ශක්තියක් ලබාදීම අප සියල්ලන්ගේම අරමුණයි.මම මේ කටයුතු ඉටුකිරීමට බලාපොරොත්තු සංවර්ධන කටයුතු නිසි ලෙස ඉටු කළ නොහැකි නිලධාරීන් සිටීනම් ඔවුන් ඉවත් කිරීමට මම කටයුතු කරනවා යැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවසුවේය.

උතුරු මැද පළාත් සංවර්ධන සැලැස්ම 2021 වර්ෂය සඳහා පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්  පළාත් සභා ශ්‍රවණාගාරයදී පවත්වනු ලැබීය.

මෙහිදී උතුරු මැද පළාතේ අමාත්‍යංශ පහ සඳහා වෙන්වී ඇති ප්‍රතිපාදන තුළින් සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් පිළිබදව වෙනම සාකච්ඡාවට භාජනය කරනු ලැබීය.කොමිෂන් සභාව මගින් ලබාදෙන මුදල් ප්‍රතිපාදන හා පළාත් සභාවේ අරමුදල් වශයෙන් කොටස් දෙකකින් සංවර්ධන කටයුතු සඳහා වෙන්කිරීම සිදුකරනු ලබයි.

මේ යටතේ ප්‍රධාන අමාත්‍යංශය හා අදාළ ආයතන සඳහා රුපියල් මිලියන 885 වෙන් කර ඇති අතර ඉන් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 823 වෙන්කර ඇති අතර පළාත් සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 62 දෙකක් මුදලක් වෙන්කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 313 වෙන්කර ඇති අතර පළාත් සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 19ක හා සම්බන්ධ ආයතන සඳහා වෙන්කර තිබේ.ඒ යටතේ රුපියල් මිලියන 332 කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශ හා සම්බන්ධ ආයතන සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 650ක් වෙන්කර ඇති අතර පළාත් සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 19 ක් වෙන් කර ඇත.ඒ අනුව වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 669ක් වේ.වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ඇති ආයතන සඳහා රුපියල් මිලියන අටසිය තිස්හතක් වෙන්කර ඇති අතර ඒ යටතේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ රුපියල් මිලියන 824 හා පළාත් සංවර්ධන ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 13ක මුදලක් වෙන් කර ඇත.

සමුපකාර අමාත්‍යංශය හා අදාළ ආයතන සඳහා පළාත් නිශ්චිත සංවර් ධන අරමුදල යටතේ රුපියල් මිලියන 190 වෙන්කර ඇති අතර පළාත් සංවර්ධන ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන21.2 ක් වෙන් කර ඇත.

ඒ අනුව 2021 වර්ෂය සඳහා උතුරු මැද පළාත සඳහා පළාත් නිශ්චිත සංවර්ධන අරමුදල් යටතේ රුපියල් මිලියන 2800 ක් වෙන් කර ඇති අතර පළාත් සංවර්ධන ප්‍රදාන යටතේ රුපියල් මිලියන 134ක් වෙන් කර ඇත.ඒ අනුව 2021 වර්ෂයේ සියලු සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2934කි.

මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, මෙම වෙන් කර ඇති සියලු මුදල් වලින් සිදුකරනු ලබන කටයුතුවලදී පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා 1/3ක පදනම මත කටයුතු කළ යුතුයි.සියලු සංවර්ධන කටයුතු වල අදාල ඇස්තමේන්තු මාර්තු මාසය වන විට සකස් කර අනුමත කරලා අප්‍රේල් මාසය වන විට ආරම්භ කළ යුතුයි.

ඒ ආකාරයට සිදුනොකිරීම හා සංවර්ධන කටයුතු වසර තුළ නිම කිරීමට නොහැකි වීම තුලින් ප්‍රදේශයේ ජනතාවට විශාල අසාධාරණයක් සිදු වනවා.ජනාධිපතිතුමා මේ රටේ වේගවත් සංවර් ධනයක් අපේක්ෂා කරනවා.

අප සියලු දෙනා ඒ සඳහා කටයුතු කළ යුතුයි.ඒ තුළින් ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ සංවර්ධන කටයුතු සිදු කර ඔවුන්ට හොඳ ආර් ථික ශක්තියක් ලබාදීම අප සියල්ලන්ගේම අරමුණයි.මම මේ කටයුතු ඉටු කිරීමට බලාපොරොත්තු සංවර්ධන කටයුතු නිසි ලෙස ඉටු කළ නොහැකි නිලධාරීන් සිටීනම් ඔවුන් ඉවත් කිරීමට මම කටයුතු කරනවා.

මෙහිදී සමුපකාර හා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදෙමින් මෙතෙක් විවෘත නොකරන ලද නව නගරයේ ඇති නව බස් නැවතුම්පොළ සති දෙකකට ප්‍රථම වහාම විවෘත කිරීමට කටයුතු සිදු කළ ලෙස ආණ්ඩුකාරවරයා දැනුම් දුන්නේය.

ස්ථානය විවෘත නොකිරීම තුළින් අපචාර කටයුතු සිදු වුණ බවට ජනතාව විසින් නිතර දැනුම් දෙනවා.බස්නැවතුම්පල විවෘත කිරීම තුළින් අපචාර සියල්ල නවතා ලීමට හැකි බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….