මිහින්තලය මහකනදරාව වැව් බැම්ම මතින් මහකනදරාව වම් ඉවුර හා දකුණු ඉවුර වෙත දිවෙන ගොවි පවුල් ඇතුළු දස දහසක් පමණ ගමන් කරනා ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන්ව ඇති හෙයින් එම මාර් ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදීමට කටයුතු කරනා ලෙස ගම්මාන රැසක ජනතාව වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බණ්ඩාරනායක හංදියේ සිට වැව් බැම්මේ අවසානය දක්වා මාර් ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවත් එතැන් සිට පැවති ආණ්ඩුවට මාර් ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස අවස්ථා කිහිපයකදීම ගම්මුන් ඉල්ලීම් සිදුකළත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුන් කීහ. මිහින්තලය මහ කනදරාව යුද හමුදා…
Read MoreDay: January 11, 2021
බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි
පොලොන්නරුව ,පුලස්තිපුර පොලිස් වසමට අයත් කෑගලුගම ප්‍රදේශයේ දී ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් ඇළකට පෙරලී එහි ගමන් ගත් සේවිකාවන් ඇතුළු 22 ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පුළස්තිපුර පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුලස්තිගම ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලබන ඇගළුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකි.එය ගිරිතලේ ප්‍රදේශයේ සිට පුලස්තිගම දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පරාක්‍රම සමුද්‍රයේ සිට කුඹුරු වෙත දියවර ගෙන යන ප්‍රධාන ඇළට මෙසේ බස් රථය පෙරලී ඇත. කෙසේ වෙතත් ඇළ වසා දමා තිබුණු හෙයින් ජීවිත ගණනාවක් අනූ නමයෙන් බේරුණු…
Read Moreවාසුටත් කොරෝනා
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වෙයි. මේ අතරශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රාසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා වැළදී තිබෙන බවට තහවුරු විය.
Read Moreදික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු පිරිසක් 10වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇත. හැටන් වටරවුම් ප්‍රදේශයේ හා හැටන් දුඹුරු ගිරිය ප්‍රදේශයේ මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවත් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රියන් ලෙස හදුනාගෙන ඇති දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු හෙදියන් තිදෙනකු ඇතුළු 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට මේ වන…
Read Moreසිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක
නව වර්ෂයේ පාසල් ආරම්භ කිරිම අද 11වන දින සිදුවු අතර එම පාසල් ආරම්භයත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම හොද මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 150ක් පවතින බවත් එයින් පාසල් 149ක් අද දින අධ්‍යාපන කටයුතු සදහා ආරම්භ කල බවත්ය. මෙම පාසල්වල සිසුන්ගේ පැමිනිම සියයට හැත්තැවත් හැත්ත පහත් අතර (70%ත් 75%ත් )අතර පවතින බවත් ගුරුවරුන්ගේ පැමිනිම සියයට අනු දෙකත් අනු පහත් අතර (92% ත් 95%ත්) පවතින බවද පවසන…
Read Moreදෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි
බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, 24 වත්ත (ගෝතමීපුර), 78 (ගෝතමීපුර) යන ප්‍රදේශ මෙසේ හුදකලා කෙරේ. මේ අතර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද(11) උදෑසන 5.00 සිට සිට හුදකලා බවින් නිදහස් කර ඇත. මේ වන විට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා තත්තවයේම පවතින බවද නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා ඇත.
Read Moreරැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙමින් පවතින බවත් විදේශ ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ගන්නා උත්සාහය හා සමානව අලුත් රැකියා අවස්ථා ලබා ගැනීමේ උත්සාහයකත් රජය යෙදෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමේ මුලසුන හොබවමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. “අපි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කළා..ඒකට කාර්මික විද්‍යාලය,වෘත්තිය පුහුණු අධිකාරිය,නයිටා,යොවුන් සේනාංකය,තරුණසේවා සභාව…
Read Moreඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට පියවර ගෙන තිබේ. උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක සේවයේ නියුතු පිරිස් සේවයට වාර් ථා කිරීම ප්රතික්ෂේපකර ඇති බව අනාවරණය විය. අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ පිළිතුරු ඇගයිමේ මධ්‍යස්ථානයේ සේවයේ නියුතුවු ආචාර් ය වරයාගේ උපන්දින සාදයකට සහභාගිවු සිව්දෙනෙකු කොවිඩ් ආසාධනයවි ඇති බව තහවුරුවි තිබේ.…
Read Moreමධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග වල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් සමහර අවස්ථාවලදි මාර්ගය නොපෙනි යන බැවින් මෙකි මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් පියවර ගත යුතු බවද එම නිලධාරියා තව…
Read More