නැබඩ, කැන්දකඩුව ආයුර්වේද රෝහලේ දේශිය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඔසු ලබාගැනීමට ඔසු උයනක් ආරම්භකර පලාතේ හොදම ආයුර්වේද රෝහල බවට පත් කිරිමට කටයුතු යොදන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ( පො.පෙ.) අනූප පැස්කුවල් මහතා පසු ගියදා කීවේය. කැන්දකඩුව ආයුර්වේද රෝහලේ කටයුතු සොයා බැලිම සදහා මන්ත්‍රිවරයා රෝහලේ සිදුකල නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව මේ බව කීවේය. අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම අනුව රටේ ජනතාවගේ නිරෝගී සුවය සැලසිම ප්‍රධාන තැනක් ගන්නවා. එහිදි ආයුර්වේදයට විශාල වගකීමක් හා කාර්යභාර්යක් තියෙනවා. පසු ගිය පාලන කාලය තුළ මේ රටේ දේශිය ආයුර්වේදය නගා සිටුවීමට තැනක් දුන්නාද…
Read MoreDay: January 15, 2021
අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්වෙයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ලංකාවේ තෙවන ශික්ෂණ රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්විමෙන් රෝහල් කාර්ය මණ්ඩලය රෝගින් ඇතුළු දස දහස් ගණනක පිරිසක් දැඩි අපහසුතාවයට පත්වි සිටිති. උතුරු මැද පළාත උතුරු පළාත වයඹ පළාත පුත්තලම ඇතුළු පළාත් රැසක රෝගින් ප්‍රතිකාර කටයුතු සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට දිනපතා පැමිණෙන අතර වෛද්‍යවරුන්ගේ පැරණි රථගාල පැවති ස්ථානය සම්පූර් ණයෙන්ම මේ දිනවල පවතින වර් ෂාව සමග ජලාශයක අසිරිය ගෙන තිබේ. දෛයිනිකව ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින් නේවාසික රෝගින් බැලීමට එන පිරිස් වෛද්‍යවරු හෙද කාර් ය මණ්ඩල කණිෂ්ඨ කාර් ය මණ්ඩල ඇතුළු විශාල පිරිසක් රෝහල්…
Read Moreළමා නිවාසයක මාතා නිලධාරිනියක් අත්අඩංගුවට
අධිකරණ නියෝගමත රදවා සිටින බාලවයස්කාර දැරියන්ට දරුණු අන්දමින් පහරදි කෘරත්වය පෑමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ නිවාස මාතා නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඩ පනහ පිහිටි අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ සේවයේ නියුතු පරිවාස දෙපාර් තුමේන්තුවට අනියුක්ත 43 හැවරදි නිවාස මාතාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙසින් ළමා නිවාසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ පරික්ෂන වලට අනුව දැරියන් හත්දෙනෙකු පමණ ලබාදුන් ප්‍රකාශවලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය අතින් පයින්…
Read Moreශ්‍රී ලංකා පළමු ඉනිම දියාරුවුවත් වාර්තා අතරට
වසර 20කට පසු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක ආරම්භක ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කරමින් ඊයේ (14) සංචාරක එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා විය. ඊට පෙර වසර 2000දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී යෑමෙන් එම වාර්තාව ගොඩනැඟී තිබිණි. ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් අද පත්විය. මෙලෙස ලකුණු නොලබා අඛණ්ඩ සිව් වතාවක් දැවී ගිය, පිතිකරු ලැයිස්තුවේ නොම්බර 1 සහ 6…
Read Moreමත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි 14 දෙනකු අත් අඩංගුවට
හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් දෙදෙනකු 14වන රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවත්ය. දෙහිවල සිට පැමිනි අවුරුදු 27ක් පමන වයැසැති පුද්ගලයකු හෙරෝයින් මිලි ග්රැම් 92ක් සමගද ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිනි අවුරුදු 28ක් වයසැති පුද්ගලයකු අයිස් නැමැති මත් ද්‍රව්‍ය මිලි ග්රැම් 50ක් සමග අත් අඩංගුවට ගත් බවද…
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි
මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ, මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බවයි. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901කි. කොරෝනා රෝගයෙන් මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More