වියපත් පෙම ගැන කතිකාවක්!

කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේ අභියෝගය තේමා කර ගනිමින් තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව”ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල,කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී සිදු කෙරේ. මෙහිදී “වියපත් බව,ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ “වියපත් වූවන්ට ප්‍රේමය අකැපද?” යන යන මැයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නාමල් විජයසිංහ යන විද්වතුන් කෙටි දෙසුම් පවත්වනු ඇත. මෙම වැඩසටහන ඉතිහාස ගවේෂක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් මෙහෙයවන…

Read More

කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළගොස් ඇත. කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 10 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ යයි.  

Read More

ජිනීවා සැසිය අද

jiniwa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22 වැනිදා) ආරම්භ වේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පදනම් කරගෙන මෙවරද සැසිවාරය පැවැත්වෙන නමුත් ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් 46 වැනි සැසිවාරය සාමාජික රාජ්‍යවල නියෝජිත කණ්ඩායම් ජිනීවා නුවරට​ නොකැඳවා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් (Virtual) පැවැත්වෙනු ඇත. මෙවර සමුළුවට සාමාජිකත්වය ලබා ඇති රටවල් සංඛ්‍යාව 47 කි. ඒ අතුරින් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙරටට එරෙහිව ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා අන්තර්ගත වාර්තාව හේතුවෙනි. මෙම වාර්තාව පදනම්…

Read More

හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂණය

හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂනය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඒ. කේ. චන්දන අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. එහිදි හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ ආචාර පෙලපාලිය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල මහතා විසින් පරික්ෂාවට ලක් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මෙම අවස්ථාවට හැටන් ජේ. පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඇතුළු පිරිසක්ද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරූබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශිය රටක නිෂ්පාදිත දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු රුපියල් පනස් දහසකට අධික වටිනා දුම්වැටි තොගයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නව නගරයේ පදිංචිකරුවෙකු තීරුබදු රහිත මුදලට ගෙන්වන දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවෙන බවට පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අනුරාධපුර ඇලයාපත්තුවේ පදිංචි ව්‍යාපාරිකයෙකු සමග එක්වි දුම්වැටි ජාවාරම සිදුකරනා අතර ඔහුට අලවිකිරීම සදහා 1020ක ප්‍රමාණයක් සහිත පැකට් 51ක් තිබූ බව රැගෙන යමින් සිටියදි පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. සැකකරුගෙන් දුම්වැටි මිලදි ගන්නා ව්‍යාපාරිකයා එම…

Read More

ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය. වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට දරුවන් අහිමිව ගොස් ඇත. දරුවන්ට සිය මව පියා අහිමිව ගොස්ය.සිය බිරිදට සැමියා අහිමිව ගොස්ය.සිංහල දමිල මුස්ලිම් බර්ගර් ඇතුළු සියළුම ජනකොට්ඨාශවල ජීවත්විමේ අයිතිය රැකීමට ඔවුන් මිලේඡච ත්‍රස්තවාදින් සමග සටන් කළත් සැබවින්ම එය මානූෂීය මෙහෙයුමකි. රණවිරුවන් යුද…

Read More

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති රාජිකා  වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් පෙරපාසල් ගුරු වෘත්තීය සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිණි. එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙසේ ද කීවා ය. “දැන් ඔබට ඔබගේ සුභ සාධන කටයුතු ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් කරන්න ඕන සියලු කටයුතු…

Read More

බාල වයස්කාර පාසල් දරුවන්ට කාටුන් පෙන්නලා

කාටුන් බැලීමට කියා සිය නිවසට ගෙන්වා ගෙන බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර බව කියන 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් 19 දින අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. අදාල පුද්ගලයා අපයෝජනයට ලක් වු දරුවන්ගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය දරුවන් දෙදෙනා සමඟ තනිව ජීවත් වී ඇත.  ස්ථිර ආදායම් මාර්ගයක් ඇයට නොමැති අතර අදාල දරුවන් දෙදෙනා ද වසර දෙකකින් පමණ පාසල් ගොස් නැති බව ද සිදුකරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය…

Read More

ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ලංකාව සංවර්ධනය කළ හැක්කේ ජනතා විමුත්ති පෙරමුණට පමනක් බව කියන්නට හැකියි. රටේ සියලුම පාලකයන් පරිසරයට වින කලා විනාශ කළා. පරිසරය රැක ගන්නට අපි විථි බහිනවා පරිසරය රැක ගන්න මේ ජනතා විමුත්ති පෙරමුනේ අපි ජනතාව පෙවුවෙන් රට වෙනුවෙන් පරිසරය වෙනුවෙන් පාලකයන් ට විරුද්ධව අපේ පණ පවා පුදා පරිසරය අනාගත  පරපුරට ආරක්ෂා කරන්නට පියවර ගන්නවා යැයි,ජනතා විමුත්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා ගාල්ල, දංගෙදර, හබරාදුව ආදි ප්‍රදේශවල පැවැති ජනහමුවල දි පැවැසීය. ලංකා ඉතිහාසයේ මේවන විට වන හානිය පරිසර හානිය සිදුවන දරුණුතම කාලයක් මේක ඩෝසරය ගමට යනවා. ගමම ඩෝසර් කරනවා. පරිසරය…

Read More