වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා අකටයුතු කම්වලට විරෝධය

වතු කරයේ වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා විවිධ අකටයුතු කම්වලට විරෝධය දක්වමින් ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඩ උද්ගෝෂනයක් 03වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. වතුකරයේ ප්‍රචන්ඩත්වය තුරන් කරනු, වතුවලට ආරක්ෂාව හා වතු අධිකාරිවරුන්ට ආරක්ෂාව ලබා දෙනු, අපිට පුද්ගලික ආරක්ෂාවක් අවශ්‍යයි, අපිත් කරන්නේ රැකියාවක්, වැනි විරෝධතා පුවරු රැගත් වතු අධිකාරිවරුන්, සහකාර වතු අධිකාරිවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ගෝෂනය සදහා එක්ව සිටින ලදි. මෙහිදි අදහස් දැක්වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසන ලද්දේ වතුකරය තුල පවතින විවිධ ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් වතු අධිකාරවරුන්, සහකාර වතු අධිකාරිවරුන් විවිධ…

Read More

ලක්ෂපාන බලාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

laxsapana

ලක්ෂපාන විදුලි බලාගාරයේ සේවකයන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග එම ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කිරිමට අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ලක්ෂපාන විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු වෙනත් රෝගි තත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි එම දෙදෙනා කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත්ය. එම කොවිඩ් ආසාදිතයන් දෙදෙනා මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත…

Read More

මාරක රිය අනතුරු වලින් සිවුදෙනෙකුගේ දිවි අහිමි වෙයි

දින තුනකදි අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ සිදුවූ මාරක රිය අනතුරු හතරකින් සිවුදෙනෙකුගේ දිවි අහිමිවි තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේ පැවති පරික්ෂණ වලින් අනාවරණය විය. ඉකුත් (28දා) සිට පසුගිය (2දා) දක්වා සිදුවු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන්ගේ දිවි අහිමිවි ඇති අතර කැබිතිගොල්ලෑව ගලනේබිදුණුවැව හා නොච්චියාගම පොලිස් වසම් වලදි සිදුවු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් සිවුදෙනා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි තිබේ. කුඩා දරුවා සමග යතුරු පැදියකින් ගමන් කළ 35 හැවරදි තරුණ තිදරු පියෙකු ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී සිදුවු මාරක…

Read More

දිලිනි යෙහන්සාගේ අසම්මත පෙමේ කතාව

(රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි යෙහන්සා ) බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම් නම් ශෝක ජනකද? (පොලිස් නිලධාරීයා) ජාතික තරුණ සේවා සභාවෙන් ඔබ කොතරම් නම් පන්නරයක් ගත් යෞවනියක්ද? එහෙව් බොහෝ පන්නරයන් ගත් ඔබ! ආත්මාර්ථකාමී හා අසම්මත ප්‍රේමයක පැටලුනේ සමහර විට ඔබ ඔබේ දේමාපියන්ගේ සූරක්ශාවෙන් ඔබ විසින්ම මිදුණු නිසා හා අර පොලිස් නිලධාරීයාගේ ආකාර්ශණීය චාටු බස් හා නිල ඇදුමේ හා නිලයෙන් ඔබව බයකර බලහත්කාරයෙන් ඔබව ග්‍රහණයට ලක්කොට සිටීම නිසාත් විය හැකිය , සමහර යෞවන යෞවනියන් හිතනවා ..ඔවුන් සමාජයත් එක්ක ගැටෙන කොට ,අපි දැන් මාරම අද්දැකීම්…

Read More

පොල්, කිතුල් සහ තල් රා බෝතල් ඒ මදිවට වයිනුත්

පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් කිරීමට කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය. තල් යොදාගෙන පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද අයිස්ක්‍රීම් වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02 වැනිදා) පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව කීවේය. මෙහිදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම, රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතු සිදු කිරීම, සෝස් වර්ග නිපදවීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කිරීමද සිදු කෙරුණි.  

Read More

හිස කදින් වෙන්කල තරුණිය ඝාතනයේ සැකකරුත් මරුට

ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. හිස කදින් වෙන්කල තරුණිය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනා ගෙන ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය අවස්ථාවේ ඔහු නිවසින් පළා ඇති බවයි. පොලීසිය කළ සෝදිසි කිරීම්වලදී බඩල්කුඹුර, 5 කණුව ප්‍රදේශයේ නිවසට ආසන්න කෑලෑබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී  ඔහුගේ  සිරුර හමු වී තිබේ.

Read More

මාධ්‍යවේදියකුට පොලිසියෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

neth2

අලව්ව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නෙත් එෆ්එම් ආයතනයේ සේවය කරනු ලබන මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන් විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිනිල්ලකට අනුවයි. සිය නිවසේ සිට රැකියා ස්ථානය බලා එමින් සිටි මෙම මාධ්‍යවේදියාට මංතීරු නිතිය උල්ලංඝණය කර බව කියමින් දඩ පත්‍රිකාවක් ලබාදීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සහ කර ඇති අතර තමන් එවැනි වරදක් සිදුනොකළ බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන් මෙලෙස පහරදීම සිදුකර ඇත. මේ ආකාරයෙන් මහජනතාවට පහරදීමට පොලිසියට හැකියාවක් ඇත්ද ? එවැනි අයිතියක් ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න…

Read More

නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් වෙයි

narammala-mount

නාරංගල කන්දට ඇතුලුවීම සංචාරකයින්ට තහනම් කර තිබෙනවා. ඒ ඉකුත් දින කිහිපයේදී එම කන්ද රක්ෂිතයේ සිදු වු විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින්. විධිමත් ක්‍රමවේදයක් සකස් කොට මෙම භූමිය සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම සදහන් කරයි.

Read More