මියන්මාරයේ බී.බී.සී වාර්තාකරු අතුරුදන්

මියන්මාරයේ බී.බී.සී වාර්තාකරු අතුරුදන්

බී.බී.සී බුරුම සේවයේ වාර්තාකරුවෙකු මියන්මාර් ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ. අවුං තූරා නම් එම බී.බී.සී වාර්තාකරු එරට නේපිටව් අගනුවර අධිකරණයක පිටත සිටිමින් වාර්තා ලබා දෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාකරු සොයාගැනීම සඳහා සහාය වන ලෙස බී.බී.සී සේවය බලධාරීන්ගෙන්…

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි

මෙරට කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනය පසුකර ගොස් තිබේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවකි. මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන්…

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය….