මෝසම අධිකරණයෙන් විසි කරයි රන්ජන් දිගටම හිරේ

මෝසම අධිකරණයෙන් විසි කරයි රන්ජන් දිගටම හිරේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ලබා දී ඇති සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෝසම ඉවත දමා තිබේ. මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥ්‍යන් විසින් මෙම මෝසම ගොනු කර තිබිනි. අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් රාමනායක මන්ත‍්‍රීවරයාට බරපතල වැඩ ඇතිව වසර 04ක සිර දඬුවම් නියම කර තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් ආසාදිතයන් දැඩි අර්බුදයක

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් ආසාදිතයන් දැඩි අර්බුදයක

කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. පසුගිය 19 වනදා කළ PCR පරීක්ෂණ 1,100 ක් අතුරින් අදාළ පිරිස හඳුනා ගෙන ඇත. වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවේ. එබැවින් වෙනදාට වඩා වැඩි…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සටනක් දී පරදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ශූරතාව

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සටනක් දී පරදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ශූරතාව

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ සංවිධාන කරනු ලැබූ ‘රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස්’ විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ලකුණු 14කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල සමත් විය. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන්…

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විනාශ කරයි

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විනාශ කරයි

රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් මහජනතාවට පීඩා සිදුවන අන්දමින් විනාශ කරන බවට ගල්තලාව ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් චෝදනා කරති. රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ජී.එච් සරත් ගාමිණී මහතා විසින් රාජාංගනය ගිණි පෙට්ටි පාලම අසල පිහිටි පෞරාණික ගල් තලාවක් රසායනික ද්‍රව්‍ය යොදා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් කඩා දමනා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර…

සමාජ මාධ්‍ය ජාලා සිද්ධි වාර්තා වීම් ඉහළට

සමාජ මාධ්‍ය ජාලා සිද්ධි වාර්තා වීම් ඉහළට

ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට 2019 වසරේ පමණක් සයිබර් ආරක්ෂණය සම්බන්ධව සිදු වීම් 3347 ක් වාර්තා වී තිබේ. ලිපි ගොනු ප්‍රතිසාධනය (file recovery), සේවා අකර්මණ්‍ය කිරිමේ ප්‍රහාර, රැන්සම් මෘදුකාංග, ආපයෝජන/ පුද්ගලිකත්ව ගැටලු, මෘදුකාංග ගැටලු, මුල්‍ය/ විද්්‍යුත් තැපෑල සම්බන්ධ වංචා, දුරකථන  හැක් කිරිම්, වංචනික පණිවිඩ, රහස්‍ය තොරතුරු වංචා, වෙබ් අඩවි නිරාවරණය වීම්, විද්්‍යත් තැපෑල හැක්…

සහල් සැකසීමේ ආයතනයක ආරක්ෂිත ක්‍රමෝපායක් භාවිතා නොකිරිමෙන් තිදරු පියෙකුට අතක් අහිමි වෙයි

සහල් සැකසීමේ ආයතනයක ආරක්ෂිත ක්‍රමෝපායක් භාවිතා නොකිරිමෙන් තිදරු පියෙකුට අතක් අහිමි වෙයි

ගනේවල්පොල කැකිරාව මාර්ගයේ පිහිටි මහපරිමාන සහල් සැකසීමේ ආයතනයක (රයිස් මිල්ස්) යන්ත්‍රයකට අත හසුවිමෙන් කම්කරුවෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔහුගේ දකුණු අත වැලමිට අසලින් ගැලවියාම නිසා ප්‍රතිකාර සදහා කැකිරාව රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම ආයතනය මහා පරිමාන අන්දමින් පවත්වාගෙන ගියත් සේවකයන්ගේ ආරක්ෂාව සදහා කිසිදු ආරක්ෂිත…

මහජන හිතවාදී රජයක් හැටියට සැමට පිරිසිදු ජලය

මහජන හිතවාදී රජයක් හැටියට සැමට පිරිසිදු ජලය

වර්ෂ 2031දී සමස්ථ මහජනයාට පිරිසිදු ජලය ලබාදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ඉලක්කය අභිබවා යමින් ඉදිරි සිව්වසර තුළදී සැමට පිරිසිදු ජලය ලබාදීමට රජය ක්‍රියාකරන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. එම ඉලක්කය සපුරාලීම සඳහා ඉතිහාසයේ පළමුවරට අය වැය මගින් රුපියල් බිලියන දහසක මුදලක් ජල…

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගම්පහ, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත්…