කඩු පහරින් පුද්ගලයෙකු මරුට – ත්‍රීරෝද රථයත් ගිනිතබයි

death

කඩුවකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ ත්‍රීරෝද රථය ගිනිතබා විනාශ කිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදරු පියෙකු ලබන මස(3දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා (19දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ හීනාබෝවාගම හිදෝගම ලිපිනයේ පදිංචි එච්.බී.වීරසූරිය යන සැකකරුයි.ඝාතනයට ලක්වි තිබුණේ හීනාබෝවගම හිදෝගම ලිපිනයේ පදිංචිව සිටි විවාහක 45 හැවරදි රන්දේවයාලගේ මහින්ද නැමත්තායි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ හිදෝගම පොලිසියේ අපරාධ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ දිගු කළක සිට පවතින අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙනා බවයි. මරණකරු සැකකරුගේ නිවසට ආසන්නයෙන් පදිංචිව…

Read More

දින හතයි ලක්ෂ 115යි

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි හැටන් ලංගම ඩිපෝවේ දින හතක ආදායම රුපියල් ලක්ෂ එක සිය පහාලෝවකට (115) අධික බව එම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝව මගින් පසු ගිය 11, 12, 13,16,17, 18, 19,යන දින හත තුලදි කරන ලද මගි ප්‍රවාහන කටයුතුවලින් රුපියල් එකසිය පහාලොස් ලක්ෂ පනස් දෙදහස් නවසිය හැට දෙකක (115,52,962) මුදලක් ආදායම ලෙස ලැබි ඇති බවත්ය. මෙම සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි මෙම ඩිපෝවේ සමස්ථ කාර්ය මණ්ඩලය දැඩි කැපවිමකින් කරන ලද සේවාවන් මත මෙම ආදායම…

Read More

අයාලේ යන සුනඛයන් ජලබිතිකා අවදානමක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සැරි සරන අයාලේ යන සුනඛයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ සමහර පාසල් සිසුන් පවසනුයේ හැටන් දික්ඔය සමහර විදුහල්තුලද අයාලයේ යන සුනඛයන් වැඩි වශයෙන් ගැවසෙන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ  සමහර පිරිස් පවසනුයේ හැටන් දික්ඔය නගරවල මෙන්ම ග්‍රාමිය ප්‍රදේශවලත් සමහර විදුහල් අසලත් අයාලේ යන සුනඛයන් වැඩි වශයෙන් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙසේ යාලයේ යන…

Read More

පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි

corona

මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේය. මොවුන් ඇරව්වල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මේ අතර රාජ්‍ය…

Read More

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

corona-outbreake

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන අතර මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා. මෙවර උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වීමට…

Read More

කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගනියි

ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 8 වැනි දිනටය. ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් වාර්තා වී තිබේ.මේ දක්වා එරටින් වාර්තාවූ වැඩිම දෛනික අසාදිත සංඛ්‍යාව වීම විශේෂත්වයකි. ඉන්දියාවේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 2,020 කි. විදෙස් වාර්තා පවසන්නේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටින බවය. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇති බව සඳහන් වේ.  

Read More

නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි

corona-outbreak

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා මහතා පවසයි. රාජ්‍ය බැංකු සේවකයකුට කොරෝනා වයිරසය ඇසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් කළුතර රාජ්‍ය බැංකුවක් ඊයේ (20) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර…

Read More

කොළඹ ආසාදිතයින් හමුවීම හතර ගුණයකින් ඉහළට – මරණ 625 දක්වා ඉහළට

corona1

අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත. පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ සියයට 8 දක්වා හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මෙය පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක්. මෙරට තුළ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරට තුළ…

Read More